දළදා මාළිගාවේ දිය අගලේ පැති බැම්මක් කඩා වැටෙයි

දළදා මාළිගාවේ දිය අගලේ පැති බැම්මක් කඩා වැටෙයි

කර්තෘ Staff writer

07 Jan, 2021 | 7:24 pm

COLOMBO (News 1st) : මහනුවරට ඊයේ (06) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි දිය අගලේ පැති බැම්මක් කඩා වැටී හානි සිදු විය.

මෙලෙස කඩා වැටී තිබෙන්නේ දළදා මාළිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දිය අගලේ වම්පස පැති බැම්මයි.

මීටර් 100 ක පමණ කොටසක් මෙලෙස කඩා වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

පැති බැම්මට දැඩි ලෙස හානි සිදුව තිබෙන අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ අංශ දැනුවත් කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]