by Hashini De Mel 07-01-2021 | 1:02 PM
COLOMBO (News 1st) - කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතු බවට කමිටු නිර්දේශ ඉදිරිපත් ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීය.
එම නිර්දේශය කිසිදු ආගමික හෝ වෙනත් හේතුවක් මත ඉවත් නොකර, ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා ය.