by Staff writer 07-01-2021 | 8:17 AM
COLOMBO (News 1st) - සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මහනුවර, අකුරණ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී හදිසි ජල ගැලීම් තත්ත්වයක් හටගත්තේ ය.
ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පවතින මිලිමීටර් 100 ඉක්ම වූ වැසි හේතුවෙනි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඒ හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා ගමන් ගැනීමේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
විකල්ප මාර්ග ලෙස වත්තේගම හරහා මාතලේ දක්වා ගමන් කිරීමට හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.