Grammy සම්මාන උළෙල කල් යයි

Grammy සම්මාන උළෙල කල් යයි

by Sagarika Chathumali 06-01-2021 | 3:35 PM
COLOMBO (News 1st) : පවතින කොරෝනා වංසගත ව්‍යාප්තිය හේතුවෙන් 2021 ග්‍රැමි සම්මාන උළෙල කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ. සංගීත ලොව විශාලතම සම්මාන උළෙලවලින් එකක් වන ග්‍රැමී සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ ජනවාරි 31 වනදායි. සංවිධායකයින් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ සම්මාන උළෙල මාර්තු 14 වනදා දක්වා කල් දැමූ බවයි. ග්‍රැමි සම්මාන උළෙල පවත්වනු ලබන Recording Academyය පවසන්නේ, සම්මාන උළෙල සඳහා කැපවී ක්‍රියා කරන සේවකයින්, සංගීත ප්‍රජාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යට වඩා කිසිවක් නොවටිනා බවයි.