BREAKING : නිරෝධායනයේදී ශ්‍රමිකයින්ගෙන් මුදල් අයකිරීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

BREAKING : නිරෝධායනයේදී ශ්‍රමිකයින්ගෙන් මුදල් අයකිරීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

කර්තෘ Sagarika Chathumali

06 Jan, 2021 | 12:20 pm

COLOMBO (News 1st) : පසුගිය සමයේ යම් යම් හෝටල්වලින් නිරෝධායනය වෙනුවෙන් ලබා ගත් අයකිරීම් ගැන විමර්ශනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය වෙත සටහනක්  මුදාහරිමින් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ විදෙස් රටවල සිට පැමිණි මෙරට ශ්‍රමිකයින් අධික මිල ගණන් යටතේ හෝටල්වල නිරෝධායනය කිරීම නවතා දැමිය යුතු බවයි.

මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකයින් නිරෝධායන කළ යුතු බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]