වරාය අත්‍යවශ්‍ය සේවාවක්:ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව

වරාය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට යොමු කෙරේ

by Hashini De Mel 06-01-2021 | 5:08 PM

COLOMBO (News 1st) - වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට විරෝධය පළ කළේ ය.