මහනුවර - මාතලේ මාර්ගයේ අකුරණ ප්‍රදේශයේ ජල ගැල්මක්

මහනුවර - මාතලේ මාර්ගයේ අකුරණ ප්‍රදේශයේ ජල ගැල්මක් විකල්ප මාර්ග භාවිත කරන්න

by Staff writer 06-01-2021 | 8:04 PM

COLOMBO (News 1st) - මහනුවර අකුරණ ප්‍රදේශයේ හදිසි ජල ගැලීම් තත්ත්වයක් හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා ගමන් ගැනීමේදී විකල්ප මාර්ග භාවිත කරන මෙන් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

මෙලෙස ගංවතුර තත්ත්වයක් මතුව ඇත්තේ, මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට පවතින මිලිමීටර් 100 ඉක්මවු වැසි හේතුවෙන්. විකල්ප මාර්ග ලෙස වත්තේගම හරහා මාතලේ දක්වා ගමන් කිරීමට හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.