පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

by Staff writer 06-01-2021 | 6:42 PM

COLOMBO (News 1st) - නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගි විය. මෙහිදී තීරණය වී ඇත්තේ බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල ළමුන් කිසිදු ආකාරයකින් ක්‍රීඩා තරග සඳහා සහභාගි කර නොගන්නා බවය.