තවත් කෙරෝනා මරණ 2ක්

දෙහිවල සහ අලව්වෙන් කොරෝනා මරණ 2ක්..

by Staff writer 06-01-2021 | 10:13 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිත මරණ 2 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන් එක් අයෙකු දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 60ක පිරිමි පුද්ගලයෙකි. මිය ගිය අනෙක් පුද්ගලයා අවුරුදු 78ක අලව්ව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඒ අනුව, කොරෝනා ආසාදිතව මිය ගිය මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.