ගල්ලෑල්ලෙන් පැන්න 'ගැටයා' අල්ලයි

ගල්ලෑල්ල කොවිඩ් මධ්‍යස්ථානයෙන් පැන්න 'ගැටයා' අල්ලයි

by Hashini De Mel 06-01-2021 | 3:14 PM

COLOMBO (News 1st) - පසුගිය දා පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් 5 දෙනා අතර සිටි තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, 52 හැවිරිදි නිමල් වසන්ත හෙවත් 'ගැටයා' නමැති මෙම ආසාදිත රැඳවියා ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. වයික්කාල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පැන ගිය රැඳවියන් 5 දෙනා ගෙන් එක් අයෙකු මීට පෙර මාදම්පේදී අත්අඩංගුවට ගත් අතර අතුරුදන් අනෙක් රැඳවියන් තිදෙනො සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/01/01-06-AJITH-ROHANA_-GALLELLA-online-audio-converter.com_.mp3"][/audio]