by Staff writer 06-01-2021 | 7:51 PM
අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන , ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව එක් ආසනයක් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත.
ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කරගත්තේ , රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි .
අනෙක් ආසනය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත ජෝන් ඔසොෆ් සහ රිපබ්ලිකන් නියෝජිත ඩේවිඩ් පර්ඩියු අතර උණුසම් සටනක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත ජෝන් ඔසොෆ් ඉදිරියෙන් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට ජොර්ජියාවේ ආසන දෙකේම ජය හිමි විය යුතුයි.
එහි බලය තහවුරු කර ගැනීම සඳහා ධූරයෙන් නික්ම යන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට අවශ්‍ය වන්නේ , එක් ආසනයක ජය පමණි.