Mask එක නොදැම්මොත් අද සිට සිදුවන දේ

Mask එක නොදැම්මොත් අද සිට සිදුවන දේ

by Sagarika Chathumali 05-01-2021 | 9:13 AM

COLOMBO (News 1st) : අද දිනයේ සිට මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව PCR පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ගෙවුණු පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට‌ ගත් බවයි. පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ නෙපැළඳීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2172කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව කරන බවයි.