රටවිරුවන් ගෙන්වීමේදී සිදුවන්නේ මාෆියාවක් - රාජ්‍ය ආමාත්‍ය අරුන්දික

by Staff writer 05-01-2021 | 7:35 PM
විදේශ රටවල සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ආපසු ගෙන්වීමේදී මාෆියාවක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය ආමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේය. ඔහු එහි දී වැඩි දුරටත් පැවසූවේ, මෙලෙස විශාල මුදලක් අයකරමින් විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීම මහා අපරාධයක් බවයි. https://youtu.be/k5bW0ePyXzw අරුන්දික ප්‍රනාන්දු පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය -- අතිගරු ජනාධිපතිතුමා තමුන්නාන්සේලාට මතකයි ජනාධිපතිතුමා විසින් වුහාන් වල ආදරණීය දරුවන් ගෙන්වන්න ශ්‍රී ලංකන් ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඇරලා මේක පටන් ගත්තේ.අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඉන්නවා කණ්ඩායමක්.ඒ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඉන්න කණ්ඩායම ,ඉතාමත් නරක විදියට සල්ලි ගන්න ,කොළඹට ආවට පස්සෙ නිරෝධායනයට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයට යන එක ගැන කතා කරන්න වත් නැතුව සම්පූර්ණයෙන්ම මේ අයව තෝරාගත්ත හෝටල්වලට ගෙනියන්නෙ නැතුව ඒ අයගේ මුදල් හම්බකර ගන්න ගසා ගන්න ගසාගන්න ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා.ඉතින් මේ රජය බලයට පත් කරන්න දැවැන්ත වෙහෙසක් මහන්සියක් ගත්ත විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂයෙන්ම කුවේට් රට ඉතාලිය ප්‍රංශය සහ අනෙකුත් යුරෝපයේ රටවල් මැදපෙරදිග තියන අනෙකුත් රටවල් වල ඉන්න ආදරණීය ශ්‍රමිකයන් මේ ආණ්ඩුව බලයට ගේන්න අතිගරු ජනාධිපතිතුමා බලයට ගේන්න දැවැන්ත මෙහෙයක් ගත්ත කට්ටිය .ඇයි සම්පූර්ණයෙන්ම රජය පිළිබඳව කලකිරිලා තියනවා.මම කියන්නේ පලවෙනි කාරණය තමයි විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්න නිවාස තුල නිරෝධායනය කරන්න.අඩුගානේ පි සි ආර් කරල ඒ පරීක්ෂණයෙන් රෝගය වැලඳිලා නැත්තං නිවාස තුල නිරෝධාන කටයුතු කරන්න.ඒකෙදි මොනවහරි අපහසුතාවයක් තියෙනවා නම් ප්‍රාදේශීයව අපි ස්ථාන ලෑස්ති කරලා දෙන්නම් මේ නිරෝධායන කටයුතු කරන්න.දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා,තව පහලොස් දහසක් විසි දහසක් හොර ඒජන්ලට දීලා මේකෙ ලයිස්තුවට නම දාගන්නේ .ඊට පස්සේ මෙහෙට ආවට පස්සෙ දවසකට දොළොස් දහසක් පහලොස් දහසක් විතර එක හෝටලයක එක කාමරයකට දවස ගානෙ දුන්නම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතර හමාරක් හතරහමාරක් යනවා එලියට එනකොට.මේක මහා අපරාධයක්.මේක ජනාධිපති තුමාගේ වැඩපිළිවෙළට විරුද්ධව කරන වැඩසටහනක්.ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වේ.මේක මාෆියාවක්.මේක ඇත්තටම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ නෙවෙයි.--