ද.අප්‍රිකාව  ටෙස්ට් තරගාවලිය ජයගනී

ද.අප්‍රිකාව තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ජයගනී

by Staff writer 05-01-2021 | 6:36 PM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවන තරගය අද කඩුළු 10 කින් ජය ගනිමින්. ජොහැනස්බර්ග්හී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 157 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 302 ක් රැස් කළේය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 211කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත්වුණා. නායක දිමුත් කරුණාරත්න 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් රැස් කළේය. ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 67 ක ඉලක්කයක දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් කිසිවෙකු නොදැවී පසු කිරීමට සමත්විය.