ඉඩම් ලියාපදිංචි කිරීම ඩිජිටල්කරණයට

ඉඩම් ලියාපදිංචි කිරීම ඩිජිටල්කරණයට

by Staff writer 05-01-2021 | 5:48 PM

COLOMBO (News 1st) - ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කර තිබේ.

එහි ප්‍රථම පියවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර මෙම වසර අවසන් වනවිට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා වූ "ඊ ලෑන්ඩ් මෘදුකාංගය" නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කර තිබේ. නව වැඩපිළිවෙළ තුළින් ඉඩම් හා දේපළ ලේඛන, අතින් ලියාපදිංචි ක්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මගින් ලේඛනගත කිරීම, ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදු කෙරෙනු ඇති.