වී මිලදී ගන්නා සහතික මිල ගණන් මෙන්න

වී මිලදී ගන්නා සහතික මිල ගණන් මෙන්න

වී මිලදී ගන්නා සහතික මිල ගණන් මෙන්න

කර්තෘ Sagarika Chathumali

05 Jan, 2021 | 1:29 pm

COLOMBO (News 1st) : 2020/ 2021 මහ කන්නයේ සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී , කිලෝග්‍රෑමයක් රුපියල් 50 ට මිලදී ගැනීමට නියමිතයි.

තෙතමනය 14% ත් 22 දක්වා වී කිලෝග්‍රෑමයක් රුපියල් 44 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රමිතිගත සම්බා වී , තෙතමනය 14 % ක් සහිත වී කිලෝග්‍රැමයක් රුපියල් 52 බැගින් සහ තෙතමනය 14 %ත් 22% ත් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 46 මිලදී ගනු ඇති.

පොහොර සහනාධාරය ලබන සුළු හා මහා වාරිමාර්ගවල ගොවීන්ගෙන් වගා කරන බිම් ප්‍රමාණය අනුව වී මිලදී ගැනීමට නියමිතයි.

ඒ අනුව හෙක්ටයාර 1 ත් 1.5 ත් අතර වගා කරන ගොවින්ගෙන් වී කිලෝග්‍රැම් 1000 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හෙක්ටයාර 1.5 ට වැඩි සහ 2 දක්වා වී වගා කරන ගොවීන්ගෙන් කිලෝග්‍රැම් 1, 500 බැගින් මිලදී ගැනීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]