තවත් බන්ධනාගාර රැඳවියන් 17කට කොරෝනා

තවත් බන්ධනාගාර රැඳවියන් 17කට කොරෝනා

by Staff writer 05-01-2021 | 3:42 PM

COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින 19 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් දෙදෙනෙකු නිලධාරීන් බවයි. ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මුළු කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4122 කි. ඉන් ආසාදිතයින් වැඩිම පිරිස වන ආසාදිතයින් 867 දෙනා වාර්තාවී ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයෙනි. සෙසු ආසාදිතයින් පිරිස මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 839 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 798 දෙනෙකු ,කොළඹ රිමාන්ඩ බන්ධනාගාරයෙන් 417 දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයෙන් 334 දෙනෙකු ලෙස වාර්තා වේ.