JUST IN :මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි (VIDEO)

JUST IN :මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි (VIDEO)

JUST IN :මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

04 Jan, 2021 | 12:22 pm

COLOMBO (News 1st) : මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ නාවික හමුදා මෙහෙයුමකදී රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය උර 9 ක, ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ බව නාවික හමුදාව පැවසී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලැබී තිබේ.

මේ අතර පසුගිය දා ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට ද නාවික හමුදාව සමත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]