by Sagarika Chathumali 04-01-2021 | 4:21 PM
COLOMBO (News 1st) : කුරුණෑගල, රජපීල්ල උද්‍යානයේ වන සංහාරය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියයේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, 2021 වසර සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව අද අමාත්‍යංශයේදී නිලධාරීන් දැනුම්වත් කළ අවස්ථාවේදී ය.
පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, උද්‍යානයේ තිබූ විශාල ගස් 28ක් විනාශ කර දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස වාර්තාවක් කැඳවා ඇති බවයි.
ගස් විනාශ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හෝ එහි දිස්ත්‍රික් නිලධාරීන් විසින් අනුමැතිය ලබා දී ඇති ද යන්න සොයා බලන ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත.
ගස් කපා දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, කොවිඩ් 19 නිසා රට තුළ පවතින තත්ත්වය වන සංහාරය සඳහා ඇතැම් පුද්ගලයින් අවස්ථාවක් කර ගෙන ඇති බවයි.