by Staff writer 04-01-2021 | 4:56 PM
COLOMBO (News 1st) - සබරගමුව පළාතෙත් මොනරාගල , කොළඹ , ගම්පහ, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.