by Staff writer 04-01-2021 | 5:30 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 302 කට සීමා කිරීමට විශ්ව ප්‍රනාන්දු ප්‍රමුඛ වේගපන් යවන්නන් සමත් විය.
ඩීන්.එල්ගා ඉනිමේ වැඩිම ලකණු ලාභියා වෙමින් ලකුණු 127 ක් රැස්කළ අතර,වේග පන්දුයවන විශ්ව ප්‍රනාන්දු ලකුණු 101කට කඩුලු 5ක් දවා ගැනිමට සමත් විය.
එය ඔහු ඉනිමක කඩුලු පහක් දවාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
මංගල තරගය ක්‍රීඩා කරන වේග පන්දුයවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 61 කට කඩුලු දෙකක් දවා ගත් අතර, දසුන් ශානක ලකුණු 42 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය.
ජොහැනස්බර්ග්හිදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 157 ක් පමණි. දී