තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

යුක්‍රේනයෙන් ආ 21 ක් පිටව යද්දී තවත් 97ක් දිවයිනට

by Staff writer 04-01-2021 | 3:20 PM

COLOMBO (News 1st) : යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් පිරිසක් මීට ටික වේලාවකට පෙර මත්තල ගුවන් තොටුපොළට ළඟා වී තිබේ.

SkyUp ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි මෙම පිරිසට සංචාරකයින් 97 දෙනෙකු අයත් බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ය. අප වාර්තාකරු පැවසුවේ ඊට අමතරව පසුගිය 28 වැනිදා මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමෙන් 21 දෙනෙකු අද මෙරටින් පිටත්ව ගිය බවයි. අද පැමිණි කණ්ඩායම මෙරටට පැමිණි 4 වැනි යුක්‍රේන සංචාරක කණ්ඩායමයි.