ගජමුතු ජාවාරමක් වටලයි..

ගජමුතු ජාවාරමක් වටලයි..

by Chathurika Jayasundara 04-01-2021 | 9:40 AM

COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ( 03) මාතරදී කළ වැටලීමකදී ගජමුතු 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගාල්ල, උණවටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකු මගින් අදාළ පුද්ගලයා සම්බන්ධ කරගෙන රුපියල් මිලියන 15 කට ගජමුතු විකිණීමට පැමිණීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.