කොළඹින් හා වැලිපැන්නෙන් කොරෝනා මරණ 2ක්

කොළඹින් හා වැලිපැන්නෙන් කොරෝනා මරණ 2ක්

කොළඹින් හා වැලිපැන්නෙන් කොරෝනා මරණ 2ක්

කර්තෘ Staff writer

04 Jan, 2021 | 7:46 am

COLOMBO (News 1st) : කොරෝනා ආසාදනය වීමෙන් මරණ 02 ක් සිදුව ඇතැයි ඊයේ(03) රාත්‍රියේ වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ වැලිපැන්න සහ කොළඹ 15 ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් 57 සහ 76 හැවිරියේ වියේ පසුවූවන් ය.

කොවිඩ් නිමෝනියාව, උග්‍ර හෘද ආසාදනය සහ අපස්මාරය වැනි රෝග හේතුවෙන් එම කාන්තාවන් මියගොස් තිබේ.

ඒ සමග මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති සංඛ්‍යාව 213ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44, 774 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,311 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය .

කො‌රෝනා ආසාදිතයින් 535 දෙනෙකු ඊයේ සුවය ලැබීමත් සමග මෙරට කොරෝනා වෛරසය සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 37,252 දක්වා ඉහළ ගියේ ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]