
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ මෙන්න
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ මෙන්න
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : ගෙවී ගිය දිනයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 403 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, දේශීයව හඳුනාගත් එම සියලු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන අසාදිතයින් 81 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති බවයි.
ඒ අනුව මහනුවර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් පිළිවෙලින් ආසාදිතයින් 56ක් සහ 30ක් ලෙස වාර්තාවී ඇති අතර ඉතිරි ආසාදිතයින් වාර්තා වී ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස වාර්තාවී ඇත්තේ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙනි.
ඊයේ (3)දිනයේ පූර්ණ සුවය ලබා පුද්ගලයින් 535 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලබා ඇති පිරිස 37,252 කි.
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,774ක් වන අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ දෙකත් සමග මෙරට මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගියේ ය.
එම මරණ දෙක වාර්තා වූයේ, වැලිපැන්න සහ කොළඹ – 15 ප්‍රදේශවලිනි.
අද උදෑසන වනවිට විදෙස් රටවල සිට ලාංකිකයින් 77 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර අද (4) දිනය තුළ තවත් ලාංකිකයින් 108 දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත.
එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
නිරෝධායන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 4,580 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,719කි.
- ”බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටිය නොහැකි වුණා” – කැරොලයින් ජූරි
- බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති
- හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි
- BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට
- මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෙවීමට ළඟදීම විශේෂ උපකරණක්
- අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි
- ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි
- පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන විමර්ශනයක්
- ”ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති