දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පළමුවෙන් පිත්ත අතට ගනී..

by Chathuranga Rajapaksha 03-01-2021 | 1:12 PM
COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවට එරෙහිව 02 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හිදී ය. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වනවිට 1-0ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටී. තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වේ.