යාල සෆාරි රියැදුරන් නිරෝධායනයට

යුක්‍රේන සංචාරකයින් ප්‍රවාහනය කළ සෆාරී ජීප් රථ රියැදුරන් දින 14ක නිරෝධායනයට

by Staff writer 03-01-2021 | 10:48 PM

COLOMBO (News 1st) - දිවයිනට පැමිණ සිටින යුක්රේන සංචාරකයින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක යෙදුනු සෆාරි ජිප් රථ රියැදුරන් පිරිසක් දින 14 ක් නිරෝධායනයට යොමු කර තිබේ.

එම යුක්‍රේන සංචාරකයින් පිරිස යාල වනෝද්‍යානයේ සංචාරය කර තිබුණේ ඊයේ පස්වරුවේදීය. සංචාරය අවසානයේ යුක්රේන ජාතිකයන් පිටව ගිය පසුව ඔවුන් එහි රැගෙන ගිය ජිප් රථ රියදුරන් නිරෝධායනයට යොමු කර තිබුණි. ආරක්ෂක අංශ මැදිහත්ව සෆාරි රථ රියැදුරන් නිරෝධායනය සදහා රැගෙන ගියේය. යුක්‍රේනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් මේ දින වල තවමත් මෙරට සංචාරයේ නිරත වේ. යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 175 දෙනෙකු ඊයේ දිනයේදී ද මත්තල ගුවන් තොටුපොළට පැමිණි අතර හෙට තවත් යුක්‍රේන සංචාරක කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය. යුක්‍රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු රැගත් ගුවන් යානයක් පසුගිය දෙසැම්බර් 28 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියේ ය. ඔවුන්ගෙන් 5 දෙනෙකුට කොරොනා ආසාදනය වී ඇති පසුබිමක ඉන් සෙසු සංචාරකයින්ට බලපෑමක් නොමැත යන පදනම මත මෙම සංචාරකයින් ඊයේ දින සිට මෙරට සංචාරයේ නිරත වෙමින් සිටියදීය.