යුක්‍රේනසංචාරකයින් නිසා සංචාරකස්ථාන කිහිපයක් වැසේ

යුක්‍රේන සංචාරකයින් නිසා හෙට සහ අනිද්දා දේශීය සංචාරකයින්ට සංචාරක ස්ථාන කිහිපයක් වැසේ

by Staff writer 03-01-2021 | 6:13 PM

COLOMBO (News 1st) - යුක්‍රේන සංචාරකයින් නැරඹීමට පැමිණීම හේතුවෙන්, හෙ⁣ට(04) දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4ක් හා අනිද්දා(05) දහවල් 12.00 සිට සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

ඒ අනුව දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන පොළොන්නරුවේ සංචාරක ස්ථාන මෙසේය. 01. පරක්‍රම මාළිගා සංකීර්ණය 02. දළඳා මළුව 03. ශිව දේවාලය (අංක 02) 04. ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිලිම ගෙය, නෙ‌‌ළුම් පොකුණ දිවයිනට පැමිණි යුක්‍රේන සංචාරකයින් දඹුල්ල හා මහනුවර යන සංචාරක කලාප තුළ ද ඉිදිරි දින කිහිපය තුළ සංචාරය කිරීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල වැඩිදුරටත් පවසයි.