by Staff writer 03-01-2021 | 5:04 PM
COLOMBO (News 1st) - මහර බන්ධනාගාරය තුළට විසි කළ තහනම් භාණ්ඩ සහිත පාර්සල් 05ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඉතා සූක්ෂම ලෙස සකස් කර මෙම පාර්සල් බන්ධනාගාරය තුළට විසි කර ඇති බවයි.
ඒ තුළ තිබී ජංගම දුරකතන 2ක්, දුරකතන චාජර් 3ක්, හෙරෝයින් පැකට් 5ක් හා ගංජා පැකට් 4 ක් සොයා ගත් බව දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මෙම පාර්සල් විසි කළ පුද්ගලයින් සෙවීමට විමර්ශන ආරම්භ කර තිබේ.