by Staff writer 03-01-2021 | 9:58 PM
COLOMBO (News 1st) - භූ අභ්‍යන්තරය අධි තාක්ෂණික ක්‍රමවේ ද ඔස්සේ ගවේෂණය කිරීමේ පහසුකම් සහිත කැනේඩියානු CGG ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා අප කළ විමසීමකදී කියා සිටියේ ඉකුත් නොවැම්බර් 10 වැනි දා අදාල යානය මෙරටට පැමිණි බවයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ එය මෙරටට පැමිණිමට හේතුව යානයේ කාර්ය මණ්ඩලය විවේක ගැන්වීම සඳහා බවයි.
මෙම යානය නොවැම්බර් 11 වැනි දා දිවයිනේ සිට මාලදිවයින බලා පිටත්ව ගිය බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා අප කළ විමසීමේදී කියා සිටියේය.
මෙලෙස පැමිණි යානය අයත් සමාගම වසර 85 කට අධික කාලයක් භූ සම්පත් ගවේෂණයේ අත්දැකීම් සහිත එකකි.
CGG ගුවන් යානා යනු අධි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් භූ ගවේෂණයන්ගේ නිරත වන ගුවන් යානා විශේෂයකි.
ඉඩම්, සාගර, සාගර පතුල ප්‍රමුඛ ජලාශ පරිසරයන් ගවේෂණය කිරීමේ හැකියාව මෙම යානා සතුවන අතර පියාසාර කරන අතරතුර කිසිදු බාධාවකින් තොරව භූ අභ්‍යන්තරය ගවේෂණය කිරීමේ හැකියාව මෙම යානා සතුයි.
එමෙන්ම ලොව විශාලතම වාණිජ වශයෙන් පවත්නා ගුරුත්වාකර්ෂණ සහ චුම්භක දත්ත පද්ධතිය ද CGG සමාගම සතුවීම විශේෂත්වයකි.