මහනුවර ගම්මානයක් හුදකලා කෙරේ

මහනුවර ගම්මානයක් හුදකලා කෙරේ

by Staff writer 03-01-2021 | 10:12 PM

COLOMNO (News 1st) - මහනුවර, පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොස්කොටේ ගම්මානය අද උදෑසන සිට හුදකලා කෙරිණි.

ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණ 85කින් 30ක් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එලෙස කොස්කොටේ ගම්මානය හුදකලා කිරීමට පියවර ගෙන ති‌බේ. මේ අතර සෞඛ්‍ය අංශ නිලධාරීන් පවසන්නේ පූජාපිටිය ප්‍රදේශයේ ජනතාවට හැකිතාක් සංචරණය සීමා කරන ලෙසය.