ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා වෙයි

දකුණු අප්‍රිකාව ඉදිරියේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 157කට දැවී යයි

by Chathuranga Rajapaksha 03-01-2021 | 6:26 PM
COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවට එරෙහිව 02 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායෙම් සියලු පිතිකරුවන් ලකුණු 157කට දැවී ගියේය. ජොහැනස්බර්ග්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. දිමුත් කරුණාරත්නට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. කුසල් මෙන්ඩිස් තමන් මුහුණදුන් 4වෙනි පන්දුවෙන්ම කිසිදු ලකුණක් නොලබා දැවී ගියේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 60ක් ලබා ගත්තේය. ඇන්ඩ්‍රිජ් නෝටිජ් ලකුණු 56කට කඩුලු 6ක් දවා ගැනිමට සමත් විය.