by Chathuranga Rajapaksha 03-01-2021 | 5:58 PM
COLOMBO (News 1st): කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හෙට(04) සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කළ දැනුම් දීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් මගින් නිකුත් කර තිබේ.
?කොළඹ දිස්ත්‍රික්කය
? හෙට(04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
?පොලිස් වසම්
?මෝදර පොලිස් වසම
?ග්‍රාම නිලධාරී වසම්
?කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරි වසම
?කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
?බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම
?මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත (පිටකෝට්ටේ)
?ගම්පහ දිස්ත්‍රික්කය
? හෙට(04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
? පෑලියගොඩ පොලිස් වසමේ
?පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරි වසම
?මීගහවත්ත ග්‍රාම නිලධාරි වසම
?පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත
?පැලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත (Pooranakotu Waththa)
? කිරිබත්ගොඩ පොලිස් වසමේ
?විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත
මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.