එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..

by Staff writer 03-01-2021 | 4:30 PM

COLOMBO (News 1st) - එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියේය.

ඔවුන් පැමිණියේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්ය. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරග දෙකම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ පළමු තරගය ලබන 14 වැනි දා ආරම්භ වීමට නියමිතය. දෙවැනි තරගය ලබන 22 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.