by Staff writer 02-01-2021 | 7:02 PM
COLOMBO (News 1st) – මීරිගම, තලාකොළ යාය ප්‍රදේශයේ සිදු කරන මහා පරිමාණ පස් කැපීම් හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදු වන බව පවසමින් තලාකොළ යාය ජනතාව අද විරෝධතාවයක නිරත විය.
පිරිස පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් විනාශ වීමේ අවදානමක් ද මතුව ඇති බවයි .
මීරිගම, තලාකොළ යාය, කැළේකන්ද ප්‍රදේශයේ මෙම පස් කැපීම සිදු වන්නේ බලපත්‍ර සහිතවයි .
කෙසේ වෙතත් අදාළ පස් කණින ස්ථානය අවට ජනතාව තලාකොළ මංසන්ධියට පැමිණ විරෝධය පළ කළේ, මේ හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් වන බව පවසමින් ය.
දීර්ඝ කාලයක සිට මෙම ස්ථානයේ පස් කැපීම සිදු වන අතර මේ නිසා තමන් පාරසරික ගැටලු රැසකට මහුණ දෙව බව ප්‍රදේශවාසීන් පවසයි.
පසුව විරෝධතාකරුවන් තලාකොළ මංසන්ධියේ සිට කැළේකන්ද ප්‍රදේශයේ ඇති අදාළ පස් කපන ස්ථානයට පාගමනින් පැමිණ විරෝධය පළ කළේ ය.
මේ අතර ප්‍රදේශයේම තවත් පිරිසක් ද මෙම පස් කැපීමට සහය පළ කරමින් එම ස්ථානයට පැමිණියේ ය.
පසුව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ වී මෙම ගැටලුවට විසදුම් ලබා දෙන බවට සඳහන් කළ බව පවසමින් පස් කැපීමට විරෝධය පළ කළ පිරිස විසිර ගියහ.