COLOMBO (News 1st) – මාවනැල්ල පොලිස් වසමේ, හිඟුල, මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල් කොරියකින් පුපුරණ ද්‍රව්‍ය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සොරකම සිදු කර තිබෙන්නේ පසුගිය දෙසැම්බර් 22 වැනි දාය.
එලෙස සොරාගත් පුපුරණ ද්‍රව්‍ය වන්නේ,
අමෝනියා නයිට්රේට් පුපුරණ ද්‍රව්‍ය 15
වෝටර් ජෙල් 06
සේවා නූල් 35
ඩෙටනේටර් 20
ගල් විඳින බීම් 05 ක් ඇතුළු පිපිරීමකට ගන්නා උපකරණ තොගයකි.
මෙම වැටලීමේදී එම පුපුරණ ද්‍රව්‍ය සියල්ලම පේරාදෙණියෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබුණු විගසම එම ගල් කොරියේ වැඩ කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අද දිනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙකු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම සැකකරුවන් මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
