පිට රට සිටි 209 දෙනෙකු දිවයිනට

පිට රට සිටි 209 දෙනෙකු දිවයිනට

by Staff writer 02-01-2021 | 2:56 PM

COLOMBO (News 1st) – කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් පුද්ගලයින් 209 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි පුද්ගලයින් 43 දෙනෙකු , කටාර් හි සිටි 116 දෙනෙකු හා තුර්කියේ සිටි පුද්ගලයින් 18 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි. මීට අමතරව ඕමානයේ රැඳී සිටි පුද්ගලයින් 32 දෙනෙකු ද දිවයිනට පැමිණි අය අතර වේ. පැමිණි පිරිසි PCR පරීක්ෂණවලට ලක් කිරිමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ.