පෑලියගොඩ මැනිං වෙළඳපොළට පැමිණි 07කට කොරෝනා

පෑලියගොඩ මැනිං වෙළඳපොළට පැමිණි 07දෙනෙකුට කොරෝනා

by Staff writer 02-01-2021 | 6:51 PM

COLOMBO (News 1st) – පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයට පැමිණි 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ, පෙරේදා දිනය තුළ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තුළ සිදු කළ PCR පරීක්ෂණවලින් ය. අදාළ ආසාදිතයින් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. මේ අතර අද පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ දී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ වෙළෙඳුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විය. එහිදී වෙළෙඳ සංකීර්ණයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබේ. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙළෙඳුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම ද අද සිදුවූ බව අප වාර්තාකරු පැවසුවේ ය.
කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දිමා වික්‍රමගේ දැනට වසා දමන්න අවශ්‍යතාවක් නෑ මේක ඉදිරියට පැතිරීම වළක්වන්න තමයි මේ රැස්වීමක් කැඳෙව්වේ. අපි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරනවා නම් ප්‍රශ්නයක් නෑ ඇත්තටම. ඒ නිසා මේ ආර්ථීකය කඩා වැටෙන්නෙ නැතිව ගොවි මහත්වරුන්ගේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැතිව අපි කන්න බොන්න ඕනේ මේවා වහගෙන බෑනේ . මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා කිසි කෙනෙක් මේ ස්ථානවට එන්න බිය වෙන්න ඕනේ නෑ . මේ ස්ථානය සමාජ දුරස්ථභාවය පවත්වාගෙන කටයුතු කරන්න පුළුවන් හොඳම තැනක්. මොකද අපි මාස ගාණක් ව්‍යාපාර නැතිව හිටියා එහෙම වුණොත් මේ රට තවත් වැටෙනවා ගොවියෝ ව්‍යාපාරිකයෝ කුලී ව්‍යාපාරිකයෝ සියල්ල අගාදයට යනවා එහෙම වුණොත් අපිට ලොකු පාඩුවක් වෙන්නේ.