තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද දිවයිනට...

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද දිවයිනට...

by Staff writer 02-01-2021 | 7:47 AM

COLOMBO (News 1st) - යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 215 දෙනෙකු අද දිවයිනට පැමිණෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, එම සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති උපදෙස් ප්‍රකාරව දින 14 ක් නිරෝධායනය කරන බවය. මේ වනවිට යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයින් 389 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද ඇය පැවසුවා ය. ඔවුන්ගෙන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් සෙසු සංචාරකයින්ට බලපෑමක් නොවන බව ද සංවාරක සංවර්ධන අධිකාරිය පැවසීය. එම පිරිස දකුණු වෙරළ තීරයේ තෝරාගත් සංචාරක ගමනාන්ත වෙත නිරෝධයන ක්‍රියාවලියෙන් අනතුරුව සංචාරය කිරීමට නියමිතය.