ජන. 01වැනි දා කොරෝනා තත්ත්වය (Full Report)

ගෙවුණු ජනවාරි 01 වැනිදා කොරෝනා ආසාදිතයින් 557ක්: කොළඹ වැඩිම ආසාදිතයින් පිරිස මට්ටක්කුලයෙන් (Full Report)

by Hashini De Mel 02-01-2021 | 11:40 AM

COLOMBO (News 1st) - ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 557 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් අතුරින් 555 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය. සෙසු දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 192 කි. ඊට අමතරව, *ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 127ක් *කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 61 ක් *ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 38ක් *රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 29ක් *නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 11 *මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 17ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගෙන ඇත. ඉතිරි ආසාදිතයින් හඳුනා ගෙන ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඒවා මෙසේය. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 35 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19 කි. මේ අතර තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ වාර්තා විය. එලෙස මියගොස් ඇත්තේ, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකි. ඔවුන් අලයාඩිවෙම්බු, කොළඹ 14, අගලවත්ත සහ දර්ගා නගරයේ පදිංචිකරුවන් වේ. මියගිය පුද්ගලයින් 67, 91, 65 සහ 63 හැවිරිදි වියේ පසුවුවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය. කොවිඩ් නිව්මෝනියාව, ලේ විෂවීම, අක්මාව අක්‍රියවීම, හෘද රෝග වැනි රෝගවලින් ඔවුන් මියගොස් ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,855 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනවීමෙන් සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 36155 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. වෛරසය ආසදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7497 කි. මේ වනවිට දිස්ත්‍රික්ක 11 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති අතර ඒවා මෙසේය…