COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමෙන් තුවාල ලැබු රැඳවියෙකු කෝමා තත්ත්වයේ පසුවන බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය පවසයි.
ඔවුන් අද මේ බව අණාවරණය කළේ, මාධ්‍ය හමුවක් කැඳවමින් ය.
සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා
"දැන් මේ වෙනකොට ඉන්නවා ඩබ්ලිව් පී.සී.එස්.එන්. කීර්තිරත්න කියලා රැඳවියෙක් දැන් ඉන්නේ කෝමා තත්ත්වයට පත්වෙලා. මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තමයි මේ රැඳවියා ඉන්නේ. ඒ රැඳවියාගේ මව එයා යනවා තමන්ගේ දරුවා හොයාගෙන බන්ධනාගාරයට. එහෙට මෙහෙට රස්තියාදුකරනවා. මොනවා වෙලාද දන්නේ නෑ එක එක දේවල් කියලා. රැඳවියා ඉන්නවා එයාට කිසි කරදරයක් නෑ. මහර බන්ධනාගාරයේ රෝහලේ එයා ඉන්නවා පොඩි තුවාලයක් ලබලා තමයි ඉන්නේ කියන ආරංචිය ඔවුන්ට දෙනවා. මොහුව මුල්ලේරියාව රෝහලට ගෙනියන්නේ නොවැම්බර් 30 වැනිදා ඒ කියන්නේ සිද්ධියට පස්සේ දවසේ නමුත් කියන්නේ ඔහු ඉන්නවා කියලා බන්ධනාගාරයේ 12වෙනි මාසේ 30වැනිදා තමයි කියන්නේ එයා දැන් ඉන්නේ රෝහලේ කියලා . මේ රැඳවියාව මරණාසන්න කරලා තමයි රෝහලට ගෙනියන්නේ රෝහලට ගෙනිහිල්ලා දැන් දැඩි සත්කාර ඒකකයේ . මේ කරන්නේ සාක්ෂි වළක්වන්න . ඒ තරම් අමානුෂික විදිහට පරදීලා අතපය ඔහුගේ කඩලා ඔලුව පළලා තියෙනවා."
මෙලෙස මුල්ලේරියාව රෝහලේ දැඩි සක්කාර ඒකකයේ පසුවන්නේ ගම්පහ, මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
දැඩි සක්කාර ඒකකයේ පසුවන රැඳවියාගේ මව ද සිය අදහස් පළ කළේය.
"ගියා රාගම ඉස්රිපිරිතාලෙට ලිස්ට් එකේ තියනවා චානක නාමල් කියලා තුවාල වෙලා කියලා . ටික කාලයක් යනකොට බන්ධනාගාරේ ලිස්ට් එකක් තිබුණා කට්ටිය එක්කන් ආවා කියලා . ඒත් ලොකු පුතාගේ නම නෑ. කොරෝනා හැදිලා ගල්ලෑල්ලේ ගෙනිච්චා කිව්වා . 28 වෙනිදා සර් කිව්වා ළමයා ඉන්නවා කියලා ඊට පස්සේ මං කිව්වා එහෙනම් සර් කන්න සල්ලි දාන්නම් . දාන්න කිව්වා .මම රුපියල් 3000 ක් දාලා දවස් දෙකක් ගියාට පස්සේ ආපහු බන්ධනාගාරෙට කෝල් කළා පුතාගේ සල්ලි දුන්න ද කියලා. කීර්තිරත්න නෑ කිව්වා . ඊට පස්සේ මම ඇහුවා කොහෙද කියලා . මුල්ලේරියාව හොස්පිටල් එකේ ඉන්නේ කොරෝනා හැදිලා කියලා කිව්වා . කොහොම හරි මට උත්සහා කරන්න කිව්වා ඩොක්ටර් කෙනෙක් අල්ලගෙන හරි ළමයාව ගොඩදාගන්න . ඊට පස්සේ මම හොස්පිටල් එකට කෝල් එකක් ගත්තාම ළමයා කතාකරන්තේ නෑ ICU එකේ එදා ඉදලා මාසයක් ගෙනල්ලා තාම ICU එකේ කියලා."
පසුගිය නොවැම්බර් මස 29 වෙනිදා මහර බන්ධනාගාරයේ සිදු වූ කලහාකාරී තත්ත්වයෙන් එහි රැඳවියන් 11 දෙනෙකු මිය ගියේ ය.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව ලබාදුන් වාර්තාවේ සඳහන් කාරණා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වනබව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
එහි ලේකම් එම්.එම්.පි.කේ. මයාදුන්නේ මහතා සඳහන් කළේ , එම වාර්තාවේ සදහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කරන බවයි.
අදාළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.