ඉන්දියාව සියලු පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ..

ඉන්දියාව සියලු පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ..

by Staff writer 02-01-2021 | 7:22 PM

COLOMBO (News 1st) – ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මැදිහත්වීමෙන් නිපද වූ කොවිඩ් 19 එන්නත හදිසි භාවිතයට අවසර දුන්නේ ය.

එක්සත් ජනපදයෙන් පසු වැඩිම ආසාදදිතයින් සංඛ්‍යාවක් ඇති ඉන්දියාව විසින් හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද පළමු COVID-19 එන්නත මෙයයි.

ඒ අනුව එන්නත අවසන් අනුමැතිය සඳහා ඉන්දීය ඖෂධ පාලන ජනරාල්වරයා වෙත යවා තිබේ. මේ අතර සියලු ඉන්දීය පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඉන්දියාවේ ජනගහනය බිලියන 1.35ක ජනගහනයක් වන අතර ඉන් මිලියන 300ක් මේ වසරේ මුල් මාස 06 හෝ 08 තුළ එන්නත් කිරීමට අපේක්ෂා කෙරේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ පෙරහුරුවක් අද ඉන්දියාවේ සියලු ප්‍රාන්ත ආවරණය වන පරිදි පැවැත්විය. සියලුම ප්‍රාන්තවල ප්‍රධාන නගර ආවරණය වන පරිදි පැවැත්වුණු මෙම පෙරහුරුවේ අරමුණ වුණේ, එන්නත ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ තක්සේරු කිරීම සහ එහිදී මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමයි. එන්නත් නිකුත් කිරීම, ප්‍රවාහනය , ගබඩා කිරීම , ලබාදීම , ඒ පිළිබඳ දත්ත ගබඩා කරගැනීම ආදී සියලු ක්‍රියාවලීන් මෙම පෙරහුරුවට ඇතුළත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.