ඉන්දියාවේ විරෝධතා:හෘදයාබාධයකින් ගොවියෙකු මරුට

ඉන්දියාවේ විරෝධතා අතරතුර හෘදයාබාධයකින් ගොවියෙකු මරුට: මියගිය ගොවීන් ගණන 46 දක්වා ඉහළට

by Staff writer 02-01-2021 | 8:31 PM

COLOMBO (News 1st) – අදානි ඇතුළු මහා පරිමාණ සමාගම්වලට ගොවීන්ගේ නිෂ්පාදන අයිතිය සහ ඉඩම් අයිතිය හිමිවන පරිදි ඉන්දියානු රජය විසින් ගෙන පනවා ඇති නව නීති සංශෝධන වහා හකුළාගන්නැයි ඉල්ලමින් ඉන්දීය ගොවීන් සිදු කරන විරෝධතා අතර තුරදී තවත් ගොවියකු මිය ගියේ ය.

අදානි ඇතුළු සමාගම්වලින් සිය ගොවි බිම් මෙන්ම නිෂ්පාදනවල මිල තීරණය කිරීමේ අයිතිය රැක ගැනීමේ සටන අතර තුර මෙලෙස මියගියේ 57 හැවිරිදි ගොවියෙකි. ඒ විරෝධතා අතර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ය. පවතින අධික ශීත කාලගුණය නොතකා මේ ගොවියා ද සම සගයින්ගේ සටනට දායකත්වය දී තිබුණි. ඉන්දිය පොලීසිය පැවසුවේ, ඔහුගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර දුන් ඇති බවයි. මෙම ගොවි විරෝධතා හේතුවෙන් මේ වනවිට ගොවීන් 46 දෙනෙකු මියගොස් ඇති අතර නව වසර උදාවීමට පෙර දිනයේ විරෝධතා හේතුවෙක් මිය ගිය සිය සගයන් සිහිපත් කරමින් ගොවීන් ඉටිපන්දම් දල්වමින් පාගමනක ද නිරත විය. මේ අතර ගොවි කණ්ඩායම් සහ ඉන්දීය මධ්‍යම රජය අතර හත්වැනි වටයේ සාකච්ඡා ලබන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. ඉන්දිය රජයේ මතභේදාත්මක ගොවි නීති සංශෝධන කිරීමට ඉන්දීය රජය අපොහොසත් වුවහොත් තමන්ගේ උද්ඝෝෂණ වඩා ත්‍රීවුර වන බවට ගොවීන් අනතුරු අඟවයි. දිල්ලියේ සිංගු දේශ සීමාවේදී මාධ්‍යවේදීන් අමතමින් ගොවි විරෝධාතා කණ්ඩායම් නායකයින් පෙන්වා දුන්නේ , ඔවුන් මතු කර ඇති කරුණුවලින් 5% ක් පමණක් මධ්‍යම අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඇති බවයි. ප්‍රතිසංස්කරණ අහෝසි නොකළහොත් බදාදා ට්‍රැක්ටර් රැළියක් පවත්වන බවට ද ගොවීන් අනතුරු අඟවයි.