COLOMBO (News 1st) – ආර්ජන්ටිනාව තුළ ගබ්සාව නීතිගත කිරීමේ යෝජනාව සම්මත කර තිබේ .
ඒ, 2020 දෙසැම්බර් 30 වැනිදා ය.
එම පියවර ගත් පළමු විශාලම ලතින් අමෙරිකානු රාජ්‍ය බවට පත් වන්න්නේ ආර්ජන්ටිනාවයි.
මෙලෙස ජයග්‍රහණයට පත් වූයේ ආර්ජන්ටිනාවේ බිම් මට්ටමේ ස්ත්‍රීවාදී අරගලයකි.
මෙය සිදුවන අවස්ථාවේ ඒ ප්‍රීතිය සැමරීම ආර්ජන්ටිනාවේ වීදි කොළ වර්ණයෙන් වැසී ගියේය.
එයට හේතුව ගබ්සාව නීතිගත කර ගැනීම සඳහා ගෙනගිය අරගලයේ වර්ණය වූයේ "කොළ පැහැය" වීමයි.
කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අරගලය පසුගිය වසර කිහිපය තුළම ලතින් අමෙරිකාව පුරාම පැවතිණි.
කාන්තා ඝාතන සම්බන්ධයෙන් පැනනැගුණු ව්‍යාපාරයක් වසර ගණනාවක් තිස්සේ අයිතිවාසිකම් සඳහා වූ පුළුල් ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය.
ඒ අනුව ගබ්සාව නීතිගත කිරීම එහි මූලික දේශපාලන ඉලක්කය බවට පත්ව තිබිණි .
ගබ්සාව නීතිගත කිරීම සඳහා ආර්ජන්ටිනාව හැකි වූයේ , වඩාත්ම සමාජීය ලිබරල්වාදී නායකයෙකු ආර්ජන්ටිනාවට පත් වීමයි.
ඒ, ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ය.
ඔහු ගබ්සා කිරීමේ අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් උද්ඝෝෂණ කර තිබේ.
එමෙන්ම ඔහු වෛද්‍ය භාවිතය සඳහා ගංජා වගා කිරීම නීතිගත කළේ ය .
පසුගිය දශක දෙක තුළ ලතින් අමෙරිකාවේ බලය අත්පත් කරගත් වාමාංශික ජනාධිපතිවරු ගබ්සා කිරීමේ නීති වෙනස් කිරීමට එතරම් උනන්දුවක් නොදැක්විය.
වසර 60 කට වැඩි කාලයක් කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරන ලද කියුබාව 1960 ගණන්වල ගබ්සාව නීතිගත කළේ ය.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ගයනා 1990 ගණන්වලදී ද එම පියවර ගත්තේ ය.
අමෙරිකානු ජනතාවගෙන් සියයට 90 කට වඩා වැඩි පිරිසක් කතෝලිකයන් ය.
මේ නිසා ගබ්සාවට ආගමික විශ්වාසයන්ට මෙන්ම රජයට , සදාචාරයට හා සමාජ සම්මතයන්ට ද ප්‍රබල බලපෑමක් කළේ ය.
මෙය කණ වැකීමත් සමග ආර්ජන්ටිනාවේ කාන්තාවන් සතුටින් කෑගසන්නට, එකිනෙකා තදින් වැළඳගන්නටත්, සතුටින් කඳුළු හෙළන්නටත් පටන් ගෙන තිබිණි .
