ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තීරණාත්මක ටෙස්ට් සටන

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තීරණාත්මක දෙවන ටෙස්ට් සටන හෙට..

by Chathuranga Rajapaksha 02-01-2021 | 3:30 PM
  COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක දෙවන ටෙස්ට් තරගය හෙට ආරම්භ වේ. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස මේ වනවිට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටී. මෙම තරගය දෙපිලටම ඉතා වැදගත් වේ. තරගාවලියේ ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමටනම් අනිවාර්යෙන්ම මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත යුතුවේ. පළමු තරගය ජය ගැනීම හේතුවෙන් තරගාවලිය ජය තහවුරු කර ගැනීම උදෙසා දකුණු අප්‍රිකාව මෙම තරගය පරාජය නොවී සිටීමට වගබලා ගත යුතුයි. දෙරට අතර පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 45ක ජයක් හිමිවිය. හෙට තරගය ජොහැනස්බර්ග්හිදි පැවැත්වීමට නියමිතය. දෙපිල අතර අවසන් වරට පැවති තරග 5න් 4කම ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබීම විශේෂත්වයකි. දකුණු අප්‍රිකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.