අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 20 ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 20 ඉක්මවයි

by Staff writer 02-01-2021 | 8:05 AM

News 1st - අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා ගොස් තිබේ.

ඒ, නව ආසාදිතයින් දෙලක්ෂ තිස් හය දහසක් ඊයේ වාර්තා වීමත් සමගය. අනුව අමෙරිකාවේ ආසාදිතයින් ගණන දෙකෝටි හාර ලක්ෂ පනස් එක් දහස් තුන්සිය දෙකක් වේ. එරට මරණ සංඛ්‍යාව ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් කොරෝනා හේතුවෙන් පුද්ගලයින් 78,000 ක් මියගොස් ඇත. අමෙරිකාවේන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් හතර දහස් තුන්සිය දහසයකි. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, අමෙරිකාවේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කැලිෆෝනියාවෙන් වන අතර එම සංඛ්‍යාව මිලියන 2.28 ක් වන බවයි. ටෙක්සාස්හි මිලියන 1.76 ක් ද ෆ්ලොරිඩාවෙන් ආසාදිතයින් මිලියන 1.32 ක් ද වාර්තා වේ. මේ වනවිට අමෙරිකාවේ රෝහල්වල කොවිඩ් රෝගීන් 125,000 කට වඩා ප්‍රතිකාර ලබන අතර එය පසුගිය මාසයේ 25% කින් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර කොරෝනා එන්නත් දෙකක් අමෙරිකාව අනුමත කර ඇති අතර දෙසැම්බර් 31 වනවිට අමෙරිකානුවන් මිලියන 2.8 ක් පමණ COVID-19 එන්නත ලබාගෙන ඇතැයි සඳහන් ය. අමෙරිකාවේ ප්‍රධාන බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි කියා සිටියේ, සරත් සෘතුව වන විට ප්‍රමාණවත් තරම් පිරිසක් කොවිඩ් එන්නත් ලබා ගනු ඇති බවයි.