හෙරොයින් සමග පුද්ගලයෙකු දැලේ

හෙරොයින් සමග පුද්ගලයෙකු දැලේ

by Staff writer 01-01-2021 | 10:05 AM

COLOMBO (News 1st) – අම්බලන්ගොඩ, බෙන්වල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , යතුරු පැදියකින් යමින් සිටියදී කළ පරික්ෂා කිරීමේදී මොහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැදවුම් නියෝග ලබා ගන්නා බව ඔහු සඳහන් කළේ ය.