නව වසරේ වැඩ අරඹමින් දයාසිරි කිවුදේ..

සන්ධානගත පක්ෂ අතර මතුව ඇති කරුණු සාකච්ඡා මගින් විසඳගන්න උත්සාහ කරනවා - දයාසිරි ජයසේකර

by Staff writer 01-01-2021 | 4:41 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද නව වසරේ කටයුතු අරඹමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, සන්ධානගත පක්ෂ අතර මතුව ඇති කරුණු සාකච්ඡා මගින් විසඳා ගැනීමට උත්සාහ කරන බවයි.

දයාසිරි ජයසේකර හා නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් අද උදෑසන කොළඹ ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ පක්ෂයේ නව වසරේ කටයුතු ආරම්භ කළේ ය.