විදේශවල සිටි ලාංකිකයින් 355 දෙනෙකු දිවයිනට

විදේශවල සිටි ලාංකිකයින් 355 දෙනෙකු දිවයිනට

by Staff writer 01-01-2021 | 12:57 PM

COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය.

කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කටාර්හි සිටි 30 දෙනෙකු , මාලදිවයිනේ සිටි 35 දෙනෙකු හා ඔස්ට්‍රේලියාවේ සිටි පුද්ගලයින් 290 දෙනෙකු එලෙස ගුවන් මගින් දිවයිනට පැමිණි බවයි. ඔවුන් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ති‌බේ.