රජය වෙහෙසෙන්නේ මතු පරපුර වෙනුවෙන්..

මාතෘ භූමිය වෙනුවෙන් රජය වෙහෙසෙන්නේ මතු පරපුරේ අනාගතය වෙනුවෙන්.. - අගමැති

by Staff writer 01-01-2021 | 6:00 AM

COLOMBO (News 1st) – මාතෘ භූමිය වෙනුවෙන් රජය වෙහෙසෙන්නේ හා කැපවෙන්නේ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් බව නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දේශීයත්වයට මුල්තැන ලැබෙන රාජ්‍ය, ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රට තුළ ඇතිවනු ස්ථිර බවයි.